Cherreads

Chapter 6 - 6.0

" අඩෝ සෙනුකයා අපි කැපුණා.."

" හරේ.. බායි.. මම හෙට ඉස්කෝලෙ එන්නෙ නෑ හොඳේ.."

" අපි එන්නෙත් නෑ බං අම්මෝ හෙන මහන්සී.."

දවස් තුනක/දෙක හමාරක ට්‍රිප් එක ඉවරවෙලා අපි ආයෙම ඉස්කෝලෙට එද්දි රෑ දොළහට විතර ඇති.. එතකොටත් හැමෝගෙම වගේ පේරන්ට්ස්ලා ඉස්කෝලෙට ඇවිත් හිටි‍යෙ.. ෂනෙරු මැඩම් කෙනෙක් එක්ක ෆයිල් වගයක් දිගෑරගෙන බස් එකේ වැඩ තොගේක හිරවෙලා.. මම ඌ එනකල් උගෙයි මගෙයි බෑග්, ගිටාර්, පික්නික් බොක්ස් සේරම ටික උස්සගෙන ඉස්කෝලෙ ගහක් ගාව හදපු බැම්මෙන් ඉඳගෙන හිටියා.. අපේ අම්මා කොහෙද දන්නෙ නෑ.. මෙතනට එනවා කියලනෙ කිව්වෙ.. ඒකත් එකටම කියවන්න කාගෙහරි අම්මෙක් සෙට් වෙන්න ඇති.. අම්මා ටීචර් කෙනෙක් නිසා ඉස්කෝලෙ හුඟක් අය අපේ අම්මව අඳුරනවා.. 

එනකොට අයුක අයියලා අපිට හම්බුණේ නෑ.. එයාලා ගියේ වෙනම.. අපි ආවෙ වෙනම.. අද දවසටවත් මම ඒ තුන්කට්ටුව දැක්කෙම නෑ.. හොයන්න උවමනාවකුත් තිබ්බෙ නැති නිසා මමයි ෂනෙරුවයි අපේ වයසෙ උන් එක්ක ආතල් එකේ එන්න ආවා.. අපි ගියපු වැඩෙත් හොඳට කෙරුණා.. තෝරගෙන ඉඳපු ඉස්කෝලෙටයි පන්සලටයි ඩොනේට් කරන දේවල් දීලා.. ඊටපස්සෙ පන්සල සුද්ධ කරන්නත් උදව් වෙලා.. අඩුපාඩු බලලා ඊයෙ දවසෙම අපි හුඟක් මහන්සි වුණා.. ට්‍රිප් එකක් ඇවිත් ජොලියෙ ඉන්නවා වගේම එව්වත් කරන්න එපැයි.. ඕවගෙ ගිහින් මොකක් හරි ඉස්කෝලෙ නමට කෙළවෙන වැඩක් කල්ලා අහු වුණොත් ආයෙ ඉස්කෝලෙ එන්න නෙමෙයි.. පිනාලා සෙට් එක එකතුවෙලා ක්ලබ් එකේ ප්‍රසිඩන්ට්ගෙ ඉඳලා මරාගෙන කන්න හදනවා.. ඒක නිසා කොහේ ගියත් වැඩේ වන කරගන්නෙ නැතුව ඉන්න මැඩම්ලා සැරින් සැරේ පස්සෙන් පන්න පන්න උපදෙස් දුන්නා..

අයුක අයියා එදා රෑ වෙච්ච කතාබහෙන් පස්සෙ මට හම්බුණේ කාමරේ නිදාගන්න ආපු වෙලාවෙ විතරයි.. ඒත් අනේ මන්දා.. මට හිතෙන විදියද කියලා.. එයා මාත් එක්ක කතාකළේ නෑ.. එක්කො ෆෝන් එක දිහා බලාගෙන හිටියා.. නැත්නම් මාව මඟ ඇරලා කොහේටහරි මාරුවුණා.. රධ්‍ය අයියලගෙනම් එහෙම වෙනසක් තිබ්බෙ නෑ.. දකින තැන හොඳට කතාබහ කළා.. මම ලක්ශ වතාවක් විතර කල්පනා කළා මගෙන් මොකක් හරි වැරැද්දක්වත් අයුක අයියට වුණාද කියලා.. මනුස්සයෙක්ට හග් එකක් දෙන එක ඉතින් වරදක් නෙමෙයිනෙ.. එයාට ඒක වැරැද්දක් වගේ පෙනුණද..?? එහෙනම් මාව හග් නොකර එතනින් යන්න තිබුණනෙ..

කොහොම හරි මම හේතු ලොට් එකක් හදාගෙන එව්වා මටම කියලා බැනගෙන හිත රිද්දගත්තා..

" වරද් කොහෙද මල්ලි.. තාම අම්මලා ආවෙ නැද්ද.."

රධ්‍ය අයියා එයාගෙ අයියත් එක්ක මං ඉන්න තැනට ඇවිත් පිටට තට්ටුවක් දැම්මා.. මම ආධ්‍ය අයියත් එක්ක හිනාවුණා.. 

" ෂනෙරු අරහෙ ඩොකියුමන්ට්ස් වගයක් ෆිල් කරනවා අයියෙ.. ජූනියර් බෝඩ්නෙ.. අම්මා ඇවිල්ලා ඇති.."

" ආ.. හරි එහෙනම් පරිස්සමෙන් යන්න.. ගුඩ් නයිට්.."

මම රධ්‍ය අයියට ෆිස්ට් බම්ප් එකක් දුන්නම, ආධ්‍ය අයියත් රධ්‍ය අයියගෙ කරට අත දාගෙන පාකින් ලොට් එක පැත්තට ගියා.. මම ඒගොල්ලො යනකල් ඉඳලා සාක්කුවට අත දාගත්තහම සාක්කුව අස්සෙ තියන මාලෙ මතක් වුණේ ඒ වෙලාවෙ.. 

අයුක අයියා කොහෙද දන්නෑ..??

උදේ, මම තමයි අපි හිටිය කාමරේ අන්තිමට එන්න ආවෙ.. එවෙලෙ අයුක අයියලා හිටිය ඇඳ උඩ තිබිලා මට ඒ මනුස්සයා දාගෙන හිටිය මාලෙ අහුවුණා.. හිංචි පිංචි මාලයක් නෙමේ ඒක හෙන ගාණක වයිට් ගෝල්ඩ් වලින් හදපු මාලයක්.. දැක්කහම පෙනුමටත් තිබුණා.. මම ඒක ආයෙම අයුක අයියට දෙන්න සාක්කුවෙ දාගත්තනෙ.. කොහෙද ඒ මිනිහා මගේ ඉස්සරහට ආවෙ නැති නිසා මට දෙන්න බැරිවුණා.. මේක මගේ ගාව තිබිලා මට හොරෙක් වෙන්න වෙයිද දන්නෑ.. ඔක්කොමත් හරි අපේ තාත්තා මේවා උස්සන් ගෙදර ගිහින් කොහේහරි තියනවා දැක්කොත් මාව උස්සලා වොශින් මැශින් එකට ඔබාවි.. ඒකනිසා මම එයාලගෙ වයසෙ මමත් දන්න අයිය කෙනෙක් හෙව්වා..

" හලෝ.. සයෝන් අයියෙ!!!! මේ.. මෙහේ..!!"

 සයෝන් අයියා ගාබේජ් බෑග් එකකුත් උස්සගෙන යන්න හදද්දි මම අයියව අල්ලගත්තා.. අපි ඉස්කෝලෙ කුණු දාන්නෙ නෑ.. සාමාන්‍යෙන් උවමනාම තැන් වල ඩස්ට්බින් තියනවා මිසක් ක්ලාස් වල ඩස්ට්බින් නෑ.. අපිට ඉස්කෝලෙන් පොඩි බෑග් එකක් දීලා තියනවා ඒකෙ තමන්ගෙ කුණු දාගෙන ගෙදර අරන් ගිහින් විසික් කරන්න.. ඒ ඇරෙන්න පන්තිය අතුගෑවත් දූවිලි විතරයි අපිට එළීයට දාන්න පුළුවන්.. කොළ එහෙම අහුලලා අර බෑග් එකේ බෙදාගෙන දාගෙන ගෙනියන්න ඕන.. ට්‍රිප් එකක් ගියත් ඔය බීම බෝතල් අයිස්ක්‍රීම් කප් එහෙම වෙනම ගාබේජ් බෑග් වලට එකතු කරගෙන කවුරුහරි ගෙනියන්න ඕන.. ඉස්කෝලෙ දාන්න දෙන්නෙ නෑ.. 

" ඕ මල්ලි.."

" අයුක අයියව දැක්කද.."

" අයුකයා.. ඌ නම් කලින්ම ගෙදර ගියාද දන්නෙ නෑ මල්ලි.. කියාන්ලත් ගියා.."

" එහෙමද.."

" මොකක් හරි හදිස්සියකටද.."

" නැහැ මේහ්.. හරි අයියෙ, අපේ අම්මා එනවා මම යන්නම් හොඳේ..බායි.."

අපේ අම්මා දුර ඉඳලා මගේ පැත්තට ඇවිදගෙන එනකොට මම සයෝන් අයියට බායි කියලා දුවගෙන ගිහින් අම්මගෙ කරේ එල්ලුණා.. අම්මා මාව අත් දෙකින්ම අල්ලගෙන බදාගත්තා.. මම නැතුව පාළු හිතුණද දන්නෑ.. මට අම්මවයි තාත්තවයි හෙනට මතක් වුණා.. මම ඉතින් ගෙදරින් බැහැරව ඉන්නෙම නැති තරම්නෙ..

" අම්මෝ මේ කොල්ලා ගාව දාඩිය ගඳ.."

" දාඩිය ගඳයි තමයි අම්මෙ.. මොකෝ ඒවගෙන් පිච්චමල්සුවඳ හමනවද.."

අම්මා මගේ කම්මුලකින් ඇද්දා.. 

" කෝ අපේ ෂනෙරු පුතා.. වැඩද.."

" දැන් ඒවි අම්මෙ.."

" හා එහෙනම් බෑග් ටික දෙන්නකො මම කාර් එකට යන්නම්.. ඔයා යාළුවා එක්කන් එන්න.. හොඳද.."

අම්මා මාව එහාට කල්ලා අපි දෙන්නගෙ බෑග් අරවා මේවා උස්සගෙන කාර් එකට ගියාම ෂනෙරුත් ඔෆිස් එකේ ඉඳලා එළියට ආවා.. 

" අම්මා ආවද බං.. මගේ වැඩ ඉවරයි.."

" යමං එහෙනම්.. මොකෝ සීන් එක.."

" නෑ මේ බජට් එකේ පොඩි කේස් එකක් ගිහින්.. ලොකු බේසික භාණ්ඩාගාරිකයා ලිස්ට් අවුට් කල්ලා තියෙන්නෙ ගුලි කාලද කොහෙද.. අන්තිමට ඒවට බැනුම් අහන්නෙ අපි.. හම්බෙද්දෙන්කො ඉස්කෝලෙ මම හොඳ දෙකක් කියන්න.."

" කේන්ති නොගන්න මිතුර.."

මම කාර් එකට ගිහිල්ලත් කල්පනා කළේ මාලෙට මොකද කරන්නෙ කියලා.. අයුක අයියගෙ නම්බර් එකක්වත් මං ගාව නෑනෙ.. මේක නැතිවුණා කියලා හැමතැනම හොයයිද දන්නෙ නෑ.. එහෙම වුණොත් මම ළඟ තියාගෙනත් කිව්වෙ නෑ වෙනවනෙ.. ඕවා හිත හිත ෂනෙරුගෙයි අම්මගෙයි ඉවරයක් නැති කියවිල්ල අහගෙන ගෙදර එන්න ආවා.. මේ කොහෙදත් ඉන්න තුන් ඉරි ලේනෙක් නිසා මම අන්තිමට හොරෙකුත් වෙනවා.. අම්මපා මුගෙ සීයට හෙන ගහන්න.. මට එන කේන්තියක්..!! ගෝත ඔලුබක්කා..

ඇත්තටම මම එදා මොකක් හරි ඌට හිත රිදෙන්න කිව්වද.. නෑනෙ.. හැමදේම හොඳින් වෙන්න කිව්ව එක වැරැද්දක්ද.. යකෝ උගෙ සීයට රටේ මිනිස්සු බනින හැටියට එහෙනම් සීයා බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න එපැයි.. මූත් කවදහරි ඇමතියෙක් වේවිනෙ.. එතකොට බැනුම් අහන්න ඕන.. අපි මේ පෙර පුහුණූවක්නෙ දෙන්නෙ.. බැනුම් අහලා අහලා තුන් ඉරි අප්පු පරිණත වුණාම කාටද ආඩම්බර.. කාටද.. මට නෙමේ.. උගේ අප්පට තමා.. අප්පලා පුතාලා සීයලා මෙතන අපේ බදු සල්ලිවලින් මාල හදවගෙන.. එක්කො මේක විකුණලා මම ඒ සල්ලි වලින් සපත්තු දෙකක් අරගන්නවා.. අරගෙන දාගෙන යනවා.. ඇමති පුතාගෙ මාලෙ හෝරාකාලා ගත්තු සල්ලිවලින් පයට මිරිවඩිසඟලක්..

ශික්කෙ සෙනුක.. තාත්තා ඕවද කියලා දීලා තියෙන්නෙ.. 

දැන් ගෙදර ගිහින් රධ්‍ය අයියට වයිබර් එකෙන් මැසේජ් එකක් දාන්න ඕන අයුක අයියගෙ නම්බරයක් තියනවනම් එවන්න කියලා.. මහරජතුමාගෙ ආභරණයක් මං ළඟ තියනවයි කියලා කියන්න.. ලැප් එකට වට්සැප් දාගෙන තිබ්බට ඒ ලබ්බ දාගත්තට වඩා හොඳයි නොදාගෙන හිටියනම්.. ඇයි මගුල ෆෝන් එකේත් ඩේටා ඕන් කරන් ඕන ඒකෙ වැඩ කරන්න.. මමයි ෂනෙරුවයි නම් පාවිච්චි කළේම ෆේස්බුක් එකයි වයිබර් එකයි විතරයි.. ඉස්කෝලෙත් හුඟක් ගෲප් තිබ්බෙ වයිබර් එකේ..

*මේ වට්සැප් ඒ කාලෙ ඩෙස්ක්ටොප් වර්ෂන් එක හොඳේ (සාපයක්)

ෂනෙරුවා උගෙ ගෙදරින් ඇරලලා අම්මයි මමයි අපේ ගෙදර එන්න ආවා.. මම මහන්සියටම අම්මා ඩ්‍රයිව් කරද්දි පැසෙන්ජර් සීට් එකට පැනලා අම්මට හේත්තු වුණා.. ඇඟ රිදෙනවා දැන්නම්..

" නිදිමතද.."

" ඕ අනේ.. මගේ ඇඟත් රිදෙනවා.."

අම්මා එක අතකින් ස්ටියරින් වීල් එක අල්ලගෙන ඉන්න ගමන් අනිත් අතින් මගේ කම්මුලක් අතගාලා ඔලුවට හාද්දක් දුන්නා.. මොන ලෝකෙ ගිහින් හිටියත් අම්මගෙ මූණ දකිනවා තරම් හිතට සැනසීමක් කොහේවත්ම නෑ.. 

ගෙදර එනකොට අපේ තාත්තා ඉස්තෝප්පුවට වෙලා අත්දෙකත් පිටිපස්සට බැඳගෙන පාර දිහා බලාගෙන ඉන්නවා.. පොඩි කාලෙ ඉඳලම මගේ ගාවින් තාත්තා අම්මා ඉඳපු නිසා මම එයාලා මැද්දෙ හුඟක් නිදහසේ ආදරෙන් හැදුණා.. එයාලටත් හිටියෙ මම විතරයි නිසා මට උපරිමෙන්ම ආදරේ කළා.. සමහරවිට ලෝකෙ ඉන්න එහෙම පවුලක් ලැබෙන්නෙ පින තියන හුඟක් පොඩි දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ලැබිච්ච එක ගැන මම සතුටින් ඉන්නවා..

අපේ අම්මයි තාත්තයි එයාලගෙ පවුල් වලින් වෙන් වෙලා ජීවත් වෙන්නෙ.. ඒකට හේතුව අම්මයි තාත්තයි බැඳලා තියෙන්නෙ පවුල් වල කැමැත්තෙන් නෙමෙයි.. සාලිය-මන්දාකිණී ලව් එක මටනම් අහලා ඇත්තටම එපා වෙලා.. ඒත් අම්මා තවම ඕවා ගැන කියවද්දි මම අහගෙන ඉන්නවා.. පව්නෙ.. කියන්න ඉන්නෙත් මායි තව ටිකදෙනෙකුයි විතරනෙ..

මගේ අම්මට තාත්තව හම්බෙලා තියෙන්නෙ කැම්පස් එකේදි.. එයාලා දෙන්නම විශ්ව විද්‍යාලවල ගිහින් ඉගනගත්ත අය.. කොහොමහරි අවුරුදු ගාණක් ගෙවිලා හරි වයස ආවට පස්සෙ අම්මා ගැන තාත්තා ගෙදරට කියලා.. අපේ තාත්තා කොළඹ කෙනෙක් නෙමෙයි.. අනුරාධපුරේ.. ඒ වුණාට හොඳට ඉඩකඩම් වතුපිටි කුඹුරු හෙම තියන මිනිස්සු.. මගේ අම්මා එහෙම නෙමෙයි.. අම්මා කොළඹ හැදිච්ච මධ්‍යම පන්තියටත් පල්ලෙහායින් ඉඳන් ඉගනගෙන කැම්පස් ආපු කෙල්ලෙක්.. එයා ලස්සනයි.. උස මහත ගාණට තියන යකඩයක් වගේ හයිය ගෑණීයක්.. ඒ වගේම වැදගත්.. 

අපේ අම්මගෙ කුලේ අඩුයි කියලයි, දෑවැද්දට හම්බෙන දෙයක් නැහැයි කියලයි තාත්තගෙ පැත්තෙ අය තාත්තව ඉක්මනට බන්ඳන්න ලෑස්ති කල්ලා.. ඉතින් අපේ සාලිය කුමාරයා අම්මව ඉස්සුවා.. පැනලා ආවා.. පැනලා ආවට දෙන්නම ඒ කාලෙ ගුරුපත්වීම් ලැබිච්ච අය.. ආර්ථික තත්ත්වයක් හොඳ මට්ටමකට ගේන්න තරම් එයාලට එයාලගෙ හයිය තිබුණාලු.. දෙන්නම මුල් කාලෙ ජීවත් වෙලා තියෙන්නෙ බොරැල්ල පැත්තෙ පොඩි කුලී ගෙදරකයට.. ඒ වුණාට අපේ තාත්තා අම්මට සලකන්නෙ ගෙදර කුමාරිකාවකට සලකනවා වගේ.. එදත් එහෙමයි.. මේ දැනුත් එහෙමයි.. කොයි වෙලාවකවත් අම්මා අසනීපෙන් ඔලුව රදේ හැදිලා ඉද්දි වුණත් තාත්තා ඇස් දෙක පියාගෙන නිදාගෙන ඉන්නවා මම දැකලා නෑ.. අම්මා අසනීප වෙන දවස්වලට තාත්තා දුවලාපැනලා ගෙදර හැම වැඩක්ම කළා.. තාත්තා මටත් ඉගැන්නුවා ගෑණීයෙක් දැක්කත් ගරු කරන්න ඕන විදිය.. 

පිරිමිකම කියන්නෙ ගෑණු පහත් කල්ලා කතාකරන එකවත්, ගෑණුකම ගැන මහා හෑලි ලිය ලිය දාලා ගෑණු අතරෙ වීරයා වෙන එකවත් නෙමෙයි.. පිර්රිමියෙක් තව ගෑණියෙක්ට ගරු කරන්න මුල්ම අඩිතාලම දාන තැනලු ගෙදර.. අපේ තාත්තා හැමතිස්සෙම කියනවා.. අපි එතනින් ගන්න ආභාශයලු අපේ මුළු ජීවිත කාළෙම අපි එක්ක රැඳෙන්නෙ.. ඕක නිසා අපේ ගෙදර වෙල් ඩිසිප්ලීන්ඩ් ගෙදරක්.. හිස රදයක් වෙන විදියට නෙමේ.. සාමාන්‍ය විදියට ගෙදර හැසිරෙන්න ඕන විදියක් තිබුණා..

අපේ අම්මයි තාත්තයි පෝරු නැගලා මගුල් කෑව අව නෙමේ.. ඒ කාලෙ හැටියට අත්සන් කල්ලා බැන්දා කියලා කියන්න සහතිකයක් විතරයි ඒ දෙන්නට තිබිලා තියෙන්නෙ.. අනික අපේ අම්මට බබාලා නැතුව සෑහෙන්න කාලයක් ඉඳලා තියනවා.. අන්තිමට පරක්කුවෙලා තමයි මාව ලැබිලා තියෙන්නෙ.. කොහොම හරි ඉතින් දැන් මම ඉන්නවනෙ.. අම්මගෙයි තාත්තගෙයි වාසනාව.. වෙන මොකක්ද..

" තාත්තේ!!!!!!!!!!"

මම කාර් එකෙන් බැහැලා දුවගෙන දුවගෙන ගිහින් තාත්තගෙ ඇඟට පැන්නහම අම්මා හිනාවෙලා කාර් එකේ තිබ්බ බෑග් ටික අරගෙන ගෙදරට ආවා.. තාත්තා මම දඟලන නිසා අත් දෙකට උස්සගෙන ඇවිත් සෝෆා එකෙන් අතෑරියා..

" තාත්තා නාහෙන් අඬ අඬ හිටියෙ ඔයා නැහැයි කියලා.."

" ඈ..?? ඇත්තද තාත්තෙ.. අන්න අන්න.. හොරේ අහුවුණා...!!!"

" මොන බොරුද මන්දාකිණී.. කනක් ඇහිලා හිටියෙ මේ ටිකේ.. මේ පුතා.. ආයෙ කොහේවත් යන්නෙ නැද්ද.."

අපේ අම්මා මූණත් රතු කරගෙන මගේ සපත්තුදෙක අරගෙන කාමරේට ගියාම මම කොට්ටයක් අරගෙන තාත්තගෙ මූණට විසික් කළා..

" මම ආයෙ හෙල්ලෙන්නෙ නෑ ගෙදරින්.."

අපේ තාත්තට හිනාගියා.. පාරම්පරික වලක් තමා මගේ මේ මූණෙ හැදෙන්නෙ.. තාත්තගෙ කොණ්ඩෙ එහෙන් මෙහෙන් සුදුවුණාට මොකද හැන්ඩියා වගේ ඉන්නවනෙ.. පිස්සු කොල්ලහ්.. බොරුවට සැර කරනවා අපි බය කරන්න.. මම බය වෙයි ඔව්වට..

" හෙට ඉස්කෝලෙ යන්නෙ නැහැල්ලු සෙනුක.."

මම ශර්ට් එක ගලවලා කලිසමත්ගලවලා දාලා ශෝට පිටින් අම්මව හොයාගෙන යනකොට තාත්තා මගේ පස්සෙන් ආවා..

" හෙට ඉස්කෝලෙ ගියේ නැතිවුණාට කමක් නෑ.. සෙනුක හෙට හවස ගණන් ක්ලාස් යනවලු.."

අපේ අම්මා කුස්සියට ගිහින් කෑම රත් කරන්න ගත්තු නිසා මම බාතෲම් එකේ හොට් වෝටර් ඕන් කල්ලා ටවල් එකත් කරේ දමාගෙන බාතෲම් එකට පැන්නා.. මගෙ පෞකාරයා නිදිද දන්නෙ නෑ.. දේදුණු ආන්ටි ඩයල් එකව උස්සගෙන වගේ ගෙට ගියේ.. මේකා නිදිමරගාතෙ වැනෙන වැනිල්ලට.. 

අපේ අම්මගෙ තියරියට අනුව කොහේ ගිහින් ආවත් අම්මට අදාළ නෑ අම්මා උයපුවගෙන් කටක් හරි කාලා තමයි නින්දට යන්න ඕන.. ඒ තියරියට අනුව අම්මා කවපු බත් කටවල් දෙක තුන බඩට දාගෙන මම ඇඳට පැන්නා..එතකොට තමා අයුක අයියගෙ මාලෙ මතක් වුණේ.. මේ මාලගිරවෙක් නිසා අහිංසක මට සැනසීමෙ නිදාගන්නවත් බෑනෙ..

මම ආයෙම ඌට බැන බැන ගිහින් කාමරේ දොර වහලා ලැප් එක උස්සගෙන ඇඳට ඇවිත් ඒක ඕන් කරගත්තා.. රධ්‍ය අයියා නිදිද දන්නෙ නෑ.. මේ මහ රෑ හොඳම යාළුවගෙ වෙන්න මිනිහට කතාකල්ලා මං ගැන වැරදි යමක්වත් හිතට ගනීද.. මම රධ්‍ය අයියට කැමති නෑ අප්පා.. මම කැමති ෂනෙරුටනෙ.. 

රධ්‍ය අයියා ඕන්ලයින් හිටියෙ නෑ මම ලොග් වෙද්දි.. මම මගේ සුපහන් සිතින් මැසේජ් එකක් ටයිප් කල්ලා රධ්‍ය අයියට සෙන්ඩ් කළා..

" අයියෙ.. පොඩි උවමනාවකට මට අයුක අයියගෙ නම්බර් එක ඉල්ලගන්න පුළුවන්ද..

7.0

" පුතා.. කෑම හදලා තියෙන්නේ.. නැගිටලා වොශ් දාලා කෑම කාලා පාඩම් කරන්න ඕන තේරුණාද.."

" ම්හ්හ්.. අනේ අම්මා.."

මම මර නින්දක මැරිලා වගේ නිදාගෙන ඉඳලා අම්මගෙ මිහිරි කටහඬට උඩ ගිහින් ඇහැරුණා.. මීට වැටිය හොඳයි ඔලුවට අම්මා පරිප්පු හදන භාජනේ නමලා පොල්ලකින් ගැහුවනම්.. උදේ පාන්දරම තෝන්තු වෙලා ගියානෙ.. මම තඩි ඈනුමකුත් ඇර ඇර එක ඇහැක් ඇරලා අපේ අම්මා දිහා බැලුවම අම්මා සාරියත් ඇඳගෙන ලෑස්තිවෙලා ඉස්කෝලෙ යන්න.. ටිකකින් තාත්තත් කාමරේට ඇවිත් මගේ පස්සට පාරක් දුන්නා.. මවයි පියයි හිංසා කරනවනෙ මේ හංස කුමාරයට..

" ආව්වා.. තාත්තේ!!!!"

" අපි යමු මන්දාකිණි.. දැන් දවල්ට ළමයි උස්සන් යන ගෝනිබිල්ලා ආවහම අපේ පුතාව උස්සන් යන එකක් නෑනෙ.."

අපේ තාත්තගෙ අතිශය හිනායන විහිළු.. අම්මට හිනාගියාට ඔව්වට මට හිනායන්නෙ නෑ.. දහය වසරෙ ඉන්න එකෙක්ට මොන ගෝනිබිල්ලොද තාත්තෙ.. අපි දැන් ඉස්කෝලෙ දිග කලිසම අඳින්නෙ.. 

මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා.. මන්දාකිණී..!!!!

" ඒකතමා සාලිය.. එහෙනම් හවස පන්ති යන්න පරිස්සමට හොඳද පුතා.. උවමනාවක් වුණොත් ගෙදර ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් කරන්න.."

ඔය කිව්වට අපේ අම්මා ආන්සර් කරන්නෙ නෑ අනේ.. එයා මට වඩා ආදරේ එයාගෙ පන්තියෙ පුතාලා දූලට.. මට වෙනස්කම..

" හා හා.. මම නිදාගන්නවා අප්පා.. නිදිමතයිනෙ.."

තාත්තා නැමිලා මගේ ඔලුව මැද්දට හාද්දක් දීලා අම්මා එක්ක එළීයට ගියා.. ටිකකින් කාර් එකත් ගිහින් ගේට් එක වැහෙන සද්දෙ ඇහුණා.. අද ගෙදර වීරයා මම තමා.. අපේ ගෙදර සතියෙ දවස්වල කවුරුත් නෑ උදේ.. අම්මලා ඉස්කෝලෙ යනවනෙ.. මාත් ඉස්කෝලෙ යනවා.. එතකොට අපේ ගෙදර ඉන්නෙ මෙහේ ඉන්න කලවැද්දොයි එක එක සත්තුයි විතරයි.. 

මම කොට්ටයක් බදාගෙන අද කරන්නෙ මොනවද කල්පනා කළා.. ආයෙ ඉතින් මෙහෙම චාන්ස් කොහෙන් හම්බෙන්නද.. තනියම ගෙදර ඉන්නවා කියන්නෙ දවල් වරුවෙම මට ටීවී බලන්න පුළුවන්.. බෝයිස් ඕවර් ෆ්ලවර්ස් බලන්න ඕන.. මම තමයි ගුජුම්පියෝ.. ෂනෙරු තමයි ජැන්දි.. ඔය කිව්වට ෂනෙරු මගේ සපත්තුව ලෙවකයිද.. ඕකා සපත්තුව අරන් මූණට දමලා අරීවි.. ඒ වුනාට මම ෂනෙරුව ගෙන්නගන්නවා මාව උදේට ඇහැරවන්න.. කෝමතෙ ඒක.. ෂනෙරුවා ඇහැරවන්න එක්කන් ආවොත් මට පවන් සලන්න අයුක අයියව ගන්නවා.. ඒ වුණාට මොලේ මේ දවස්වල තියන ට්ක්නිකල් එරර් එකෙන් මට ජැන්දිට මැවුණේ අයුක අයියව.. අර කොට ගවුමක්-

ශික්කෙ.. ඒ මොන අවනම්බුවක්ද.. මොන නින්දාවක්ද.. අයුක අයියව මේඩ් කෙනෙක් කරන්න..??

කල්පනා ලොව මල්වනේ මල් ගස් අස්සෙන් දුව දුව ශාරුක්කාන් වගේ ඉඳපු මම නැගිටලා ගිහින් මූණ හෝදගෙන අම්මා උදේට උයපුවා කාලා බීලා ඇඳ අස් කළා.. අම්මා උදේ සේරම කල්ලා තියලනෙ යන්නෙ.. හවස ගණන් පන්තියෙ ක්‍රිකෝණ අංගසම කළෙත් නෑ.. පාකෝපායි.. කෝ'පකෝයි.. ඔව්වා කරගෙන ගියේ නැතොත් අපේ ගණන් සර් මගේ ඔලුව පලයි.. 

ඒ වුණාට ඒ අහිංසක මනුස්සයා එහෙම කරන එක්කෙනෙක් නෙමේ.. හරි සාමකාමී මනුස්සයෙක්.. අපි යන ගණන් ක්ලාස් එක ගෲප් ක්ලාස් එකක්.. ඒකෙ ඔක්කොම හිටියෙ හෙන බ්‍රයිට් කේස් ටිකක්.. ඔක්කොම ළමයි විස්සයි.. ගෑණූපිරිමි බේද නෑ ඕන තැනක ඉඳගෙන වැඩ කරන්න පුළුවන්.. අපේ එවුන් හැමදාම කරන්නෙ තියන බලු කමට සර්ව කයියට අල්ලගන්නවා.. 

අපේ මිතුරු සමාජෙ තව දෙන්නෙක් ඉන්නවා.. හැබැයි වැඩේ කියන්නෙ උන් දෙන්නම කොල්ලො නෙමේ කෙල්ලො.. එකෙක් ඉන්නවා සුපුනි.. අපි කියන්නෙ ආශි කියලා.. පොඩි කාලෙ ඉඳන් අපි ක්ලාස් යන්නෙ එන්නෙ එකට.. ඒකනිසා අපේ අම්මලා යාළුවො.. ඒ ඇඳුරුම්කමට අපිත් කතාබහ කරන්න අරගෙන අපි හොඳට ෆිට් වුණා.. ආශිගෙ අනිත් බාගෙ තමයි මහීශා.. ඌ නම් කොල්ලෙක් වෙන්න ඉඳලා අම්මගෙ කීමට කෙල්ලෙක් වෙච්ච එකියක්.. අඳින්නෙම කොල්ලො අඳින ඇඳුම්.. ඩෙග් දෙක දාලා හරහට බෑග් එකත් කරේ දාගෙන කොලු ගමනින් ක්ලාස් එකට එන්නෙ.. අනිකා ආශි, වන වන ලතාවට තාලෙට මල් පැල වලට හායි බායි ගගා.. හෙන පිස්සු කෝච්චියක්.. 

අපේ ක්ලාස් එකේ හැමෝම හිතාගෙන ඉන්නෙ ඒ මගෙයි ෂනෙරුගෙයි කෙල්ලො දෙන්නා කියලා.. කොහොම වුණත් මම දන්නවා මහීශා මගෙ කෙල්ල වුණොත් එක්කො දෙන්නගෙන් එකෙක් ගුටි කාලම මැරිලා යනවා.. නැත්නම් දෙන්නම අංගොඩට දක්කනවා.. ඒ තරමට ඒකියි මායි ඇවිලෙන්න ගත්තම ඇවිලෙන්නෙ.. අපි හතරදෙනා ලෝකෙට බම්බු ගහගන්න කියලා එක පෝළිමේ ඉඳගෙන වැඩත් කරගෙන මරාගෙන කා කොටාගෙන සාමදානෙන් ජීවත් වෙනවා..

කොහොම හරි මම ටීවී බලන එකයි ගුජුම්පියෝයි පැත්තකින් තියලා ගණන් පොතේ අභ්‍යාස දිගෑරගෙන ත්‍රිකෝණ අංගසම කළා.. වෙලාව ගෙවිලා යනවා දැනුණෙ නෑ.. ආයෙම දවල් දොළහට ඉස්කෝලෙ වැඩ කල්ලා මේසෙන් නැගිටිනකොට තමයි මම කොනක තියන චේන් එක දැක්කෙ.. අඩේ මාලගිරවගෙ මාලෙ ගැන කිව්වෙ නෑනෙ..!!!

" අහෝ අහෝ තුන් ඉරි අප්පු මේක හොයනවද දන්නෙත් නෑ.."

මම හනිකට ගිහින් ලැප් එක ඕන් වෙනකල් ඒක දිහා නොබලා හිටියා.. බැලුවොත් ඕක හිමින් තමා ස්ටාට් වෙන්නෙ.. මේවා මේ අපිම හොයාගත්තු දේවල්.. සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලවත් ඕවා ගැන දන්නෙ නැතුවැති.. ගැම්මක් තමා..

ලැප් එක ඕන් වුණා විතරයි පැත්තෙන් වයිබර් එකේ කෝල් තුනක් එක සැරේට පොප් අවුට් වුණා.. දන්නැති නම්බරේකින් උදේ කෝල් ඇවිල්ලා.. කව්ද කව්ද හංස කුමාරයට අවේලාවෙ කතාකරන්නෙ~

මම ඒ නම්බර් එක ඩයල් කල්ලා ඉයර්ෆෝන් එක කනේ ගහගත්තා.. ඇති යන්තම් ඕන්ලයින්.. ටිකකින් එහාපැත්තෙන් මට කටහඬක් ඇහුණා.. හෙම්බිරිස්සාව හැදිච්ච කටහඬක්..

" හලෝ.."

ලැජ්ජයිත් වගේ අප්පා.. කව්ද දන්නෙ නෑ කතාකළේ.. ජැන්දි වගේ ලස්සන කෙල්ලෙක්නම්.. කෙල්ලෙක්ගෙ කටහඬක් නෙමේ හැබැයි ඇහෙන්නෙ..

" මේ.. හෙලෝ.. කව්ද කෝල් අරගෙන-"

" මම අයුක.. රධ්‍ය කිව්වා ඔයා මට කෝල් එකක් ගන්න කිව්වා කියලා.."

මොකක්..!! මම කොයි වෙලාවෙද එහෙම එකක් කිව්වෙ.. යකෝ රධ්‍ය අයියා මහ දෙපිටකාට්ටු පිදේනි තටුවක්.. කියන පච විතරක්.. කමක් නෑ කොහොමහරි කෝල් එකක් ආවනෙ.. 

" ඔව් අයියෙ.. මම කියන්න ගියේ ඊයෙ අයියා කාමරේ චේන් එකක් දාලා ගිහින් තිබ්බා.. මම ඒක ගත්තා අයියව හම්බුණාම දෙන්න.. ඊයෙ මම එද්දි අයියා ගිහිල්ලා.."

" අහ්..."

" මම ඒක ඉස්කෝලෙදි හම්බුණාම දෙන්නම්.."

" හරි.. එහෙම කරන්න.."

" හා මම තියන්නම්.. බායි.."

" බායි.."

හරිම පුංචිපහේ සංවාදයක්නෙ.. ඔව් ඉතින් උගෙන් මම කතාකල්ලා "පැටියෝ කෑවද" අහන්නද.. එහෙම බෑනෙ.. මූ හිතයි මට ඔල්මාදෙ කියලා.. මම පටස් ගාලා නම්බර් එක සේව් කරගත්තා.. තියන අමාරුවට මාලෙ මං ගාව නිරුපද්‍රිතව තියනවා කියන්න ඒකෙ ෆොටෝ එකකුත් ගහලා යැව්වා.. ඩයල් එක හොඳින් කතාකලානෙ.. තරහ නැද්ද කොහෙද.. තරහවුණත් මටනම් කමක් නෑ.. 

'Ayuka-swimming club'

හවස හතරට තියන ක්ලාස් එකට යන්න මම තුන හමාරට එළියට බැහැලා ගෙදර ලොක් කල්ලා යතුර බෑග් එකේ දාගත්තා.. අම්මට අද ආෆ්ටර් ස්කූල් එකක් කිව්වනෙ.. එයාට ඉතින් ඉස්කෝලෙ ළමයිනෙ ලොකු.. ගෙදර එකා ගැන කිසි ගාණක් නෑ අප්පා.. තාත්තා අම්මා එනකල් එහේ ඉස්කෝලෙට වෙලා ඉන්නවනෙ.. 

බස් එකේ ක්ලාස් එකට විනාඩි පහළොවේ දුර.. මම හෝල්ට් එකට ගිය ගමන්ම වගේ බස් එකක් ආපු නිසා යන්තම් ෆුට්බෝඩ් එකේ එල්ලිලා ක්ලාස් එකට ඇවිත් අතුරු පාරෙ දිගට ඇවිදගෙන ගියා.. ෂනෙරුයි මහීශායි ගෙවල් එකළඟ ඉන්නෙ.. උන් දෙන්නා එන්නෙ එකට.. ආශි අපේ ගෙවල් වලට එහායින් ඉන්නෙ.. ඒකි ඉස්කෝලෙ මොකක්ද තියනවා කියලා අද යුනිෆෝම් එනවා කියලා දාලා තිබ්බා.. දැන් ඇවිල්ලත් ඇති..

" සෙනුක මල්ලි.."

කාඩ් මාක් කරන අයියා වීදුරුවට එහාපැත්තෙ කැරකෙන පුටුවෙ ඉඳන් මල් මල් හිනාවක් දාගෙන කණ්ණාඩිදෙක ගලවලා මේසෙ උඩින් තිබ්බා.. 

" හලෝ අයියෙ.. අද වේලාසන වැඩිද මන්දා.. මේක මාක් කල්ලා දෙනවකො.."

" උඩ තට්ටුවෙ එකට යන්න මල්ලි.. අද ඉස්කෝලෙ ගියේ නැද්ද.."

කාඩ් මාක් කරන අයියා කාඩ් එක තනි ඉරකින් කපලා තඩි ටියුට් තොගයක් එක්ක ඒක ආපහු මට දුන්නා..

" ඊයෙ ට්‍රිප් එකක් ගිහින් ආවනෙ ඉස්කෝලෙන්.. මහන්සී අප්පා.. අද ගියේ නෑ.."

" ආ හා.. තව හුඟක් වෙලා තියනවනෙ.. ක්ලාස් එකෙන් ඉඳගෙන ඉන්න.. ඔයාලගෙ යාළුවත් උඩට ගියා.."

" හරේ.."

මම අයියටත් සැලියුට් එකක් ගහගෙන උඩ තට්ටුවෙ පන්තියට යද්දි පන්තියෙ ළමයි දෙතුන් දෙනයි හිටියෙ.. උන් ගෙදර වැඩ කල්ලා නැතුව ඒ ගණන් හදනවා.. ආශි සැන්ඩ්විච් වගයක් කකා ඉස්සරහම පෝළිමේ ඉඳගෙන මට අත වැනුවා.. මම ගිහින් ඒකි ගාවින් ඉඳගත්තා.. 

" ෂනෙරු නැද්ද හලෝ තාම.."

" දැන් ඒවි දෙන්නම.. ආ මේක ගන්නවකො මම ඔයාලට එක්ක ගෙනාවෙ.."

ආශි ඒකිගෙ ලන්ච්බොක්ස් එක මගේ පැත්තට දික් කලාම මම එකක් අරගෙන කටේ ඔබාගත්තා..

" මම ඔයාලව සප්‍රයිස් කරන්න ඒයි ඉන්නෙ.. හෙට ඉස්කෝලෙ යනවද.."

" සප්‍රයිස් කරනවද යකෝ කිය කිය.."

" ඉතින් කරන්නෙ මොකක්ද කිව්වෙ නෑනෙ.."

ආශි ඒකිගෙ දිගට ගොතපු කොණ්ඩෙ අරගෙන එකපැත්තකට දාගෙන කොණ්ඩෙ හදාගත්තා.. මොකක් වුණත් මුන් ඉස්කෝලෙ යද්දි ඒ විදියට යනවා.. මම දැකලා තියෙන්නෙ එහා වැටේ අපේ වයසෙ කෙල්ලො කොණ්ඩෙ මොකක්ද ලබ්බක් කල්ලා උඩට උස්සලා ගේට් එකෙන් එළීයට ආවහම කටු ගහගෙන යනවා.. මම අහන්නෙ ඒකෙ පරමාර්තෙ මොකක්ද.. මට කොණ්ඩෙ දැක්කහම නගින සීන් එකක් වෙන්නෙ නෑ.. ඒ අතින් ආශි හොඳ එකී.. තෙල් ගාලා කොණ්ඩෙ දෙපැත්තටම පීරගෙන කටු මොකුත් නොගහා පිළීවෙළට ඉස්කෝලෙ යනවා..

අන්න අන්න ගුරුවරු දෙන්නෙක් දෙමාපියො වුණාම මාත් ඒ විදියට හැදිලා.. එහෙම නෙමේ අනෙ.. ඉස්කෝලෙ යන යුනිෆෝම් එකට අපි ගරුත්වයක් දෙන්න ඕන කියලා අපේ ඉස්කෝලෙන් කියලා දීලා තියෙන්නෙ.. අපේ අම්මට පෙන්නන්න බෑ එහෙම සංකර විදියට ඉන්න කෙල්ලො.. ගෙදර ඇවිත් මාත් එක්ක කියලා බනිනවා.. ඔහොම කෙල්ලොන්ටනම් අහුවෙන්න එපාලු.. පුතා එහෙම අහුවෙනවද අම්මෙ.. අම්මා දන්නෙ නෑ පුතාට තියන ඉල්ලුම..

ටික වෙලාවකින් ෂනෙරුවයි මහීශයි ක්ලාස් එකට ඇවිත් මගේ එහාපැත්තෙන් ඉඳගත්තම පන්තියෙ එවුන් කුටු කුටු ගාන්න ගත්තා.. බේසිකයො දෙන්නම කොළපාට ඇඳන් ඇවිත්.. ඉතින් කතා හදන්නෙ නැතුව තියෙයිද මං අහන්නෙ.. දෙන්නම එකම පාට ඇඳගෙන ආපු නිසා මේ ශිප් එක රියල් රධ්‍ය අයියෙ..

" කුරුම්බැට්ටිය යුනිෆෝම් මොකෝ.."

" වැඩ වැඩ අනේ.. මම පස්සෙ කියන්නම්.. ආ කනවකො.."

" උඹලා ට්‍රිප් එක ගියාද බං ඉතින්.."

" අඩෝ මරු බං.. සුපිරි ට්‍රිප් එක.."

අපි ට්‍රිප් එක ගැන විස්තර කතාකළා..

" ඔයාලට කියන්න මට යමක් තියනවා අනේ.. අහන්නකො.. හම්බෙන්නෙත් චුට්ට දවසනෙ.."

" මොකෝ සීන් එක.."

" ආ මම දන්නවා ඕක.."

මහීශා මහපගයා වගේ මැද්දෙන් පැන්නා.. පොඩ්ඩක් ඉඳපන්කො අපි දන්නෙ නෑනෙ..

" මම දුකින් අනේ ඉන්නෙ..මේක දිගමදිගම කතාවක්.. ඔයාලට කියන්න ඒයි අපේ ගෙවල් ලඟ සීය කෙනෙක්ගෙයි ඒ සීයගෙ මුණූබුරාගෙයි බර්ත්ඩේ එක තිබ්බා හොඳේ.. මම පාටි එකට ගියා.. උඹලගෙ කැත මොට්ට ජරා රාක්ශයො ඉන්න ඉස්කෝලෙ හොට තැලිච්ච බස්සෙක් ඒකට ඇවිත් මට නම්බර් එක දුන්නනෙ.. උගෙ ආච්චිට.."

" ඉතින් බං නම්බර් එක දුන්නහම ඔච්චර නටන්න ඕනයැ.."

" ඉන්නවකො මැද්දෙන් පනින්නැතුව.. ඉතින් මම නම්බර් එක ගත්තා හලෝ.. ඒ අයියා ලස්සනයිනෙ.. ඒ වුණාට මැසේජ් කළේ නෑ හරිද..!! යා!!!!!!!! ෂනෙරු මෝඩ බූරුවා කැතට හිනාවෙන්නෙපා..!!!!"

" ඌට ඉරිසියාව බං.. උඹ කියහන්.."

" ඉතින් හලෝ මම කතාකළේ නෑ කිව්වනෙ.. ගිය සතියෙ මම ආෆ්ටර් ස්කූල් ඉවරවෙලා කැරමල් පම්කින් එකට ගියාම ඒ අයියා හම්බුණානෙ.. තව අයියලා දෙන්නෙක් එක්ක ඇවිත් හිටියෙ.. ඒ අයියලත් ලස්සනයි හලෝ.. ආනෙහ්හ්!!!"

ආශි මතකාවර්ජනය කල්ලා පපුවත් අල්ලගෙන එහෙමම මහීශගෙ ඇඟට කලන්තෙ දැම්මා.. අපි ඉතින් මේකි රඟපාලා ඉවර වෙනකල් ඉන්නත් එපැයි.. ඒ අස්සෙ ෂනෙරුවා ආශිගෙ අතේ තිබ්බ සැන්ඩ්විච් එකත් උස්සලා කන්න ගත්තා..

" ඉතින් එක ලස්සන අයියා කෙනෙක් මාත් එක්ක හිනාවුණා... ආනෙහ්හ්!!!!!"

" හා ඉතින්.."

" ඊටපස්සෙ අර මට නම්බර් එක දුන්නු අයියා ඇවිත් මාත් එක්ක කතාකළා ඒයිලා.. එයා හොඳයි වගේ තමා මගේ අන්ධ දෑසට පෙනුණෙ.. ගල් මූසලයා.."

" බනිනවයි හොඳ කියනවයි.. අපේ ඉස්කෝලෙනම් අපි දන්න උන් වෙන්න ඇති බං.."

" එයාගෙ නම සදේශ් කියලා කිව්වෙ.."

" සදේශ්..?? ෂනෙරු කව්ද බං ඒ.."

" සදේශ් කියලා ඉන්නවා ඩයල් එකක්.. හැබැයි ඌ පොඩි එකෙක්.. හය වසරෙ.. අපේ ක්ලබ් එකේ ඉන්නෙ.."

" හෑයිය අනේ මල්ලි කෙනෙක් නෙමේ ලස්සන අයියා කෙනෙක්.."

" ඉතින් දැන් කියන්න ගිය එක කියපන්කො.. හයියෝ සර් ඒවි යකුනේ.."

" ඉතින් හලෝ මම එදා තනියම ගියේ කැෆේ එකට.. අර අයියා ඇවිත් මාත් එක්ක වාඩිවෙලා කතාකළා.. විශේෂ දේවල් නෙමේ.. සාමාන්‍ය විදියට ඔය අම්මලා තාත්තලා ගැන එහෙම ඇහුවෙ.. මම එයාට-කැමැහ්හ්-කැමැත්තෙන් හිටියෙ අනේ.."

මේ හොඳට කතාකර කර ඉඳපු එකී එකසැරේ ඇස් වල කඳුළු පුරෝගෙන මහීශගෙ ටිශූ එකෙන් කඳුළු පිහාගත්තා.. මෙන්න යකෝ මේකි අඬනවා..

" ඕයි ඕයි නාඬා ඉඳහන්.. මේ මොකද මේ.."

" හලෝ-හ්හ්.. ඊටපස්සෙ දවසෙ අපේ ඉස්කෝලෙ අක්කා කෙනෙක් ඇවිත් මට බැනලා ගියා.. එයාගෙ බොයිෆ්‍රෙන්ඩ් එක්ක-හ්හ් කතාකරන්න එපා කියලා.. බලන්න හලෝ ඉඳලා ඉඳලා ලංකාවෙ කොල්ලෙක්ට හිත ගියා විතරයි.. මට ඉස්කෝලෙදි හරියට ලැජ්ජ හිතුණා.. ඒ අයියත් වැරදී ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉද්දි මට නම්බර් එක දුන්නෙ.. ආයෙ ඔය බල්ලව හම්බුණොත් උගේ යාළුවො දෙන්නගෙ ඉඳලා බෙලි කඩාගෙන කනව මම..කනවා!!!!"

මට ආශිව කොන්ඩෙ කඩාගත්තු යකින්නියෙක් වගේ මැවිලා පෙනුණා.. ඊටපස්සෙ ඒකි අඬලා අඬලා, දුක් වෙලා, දුක කියලා, මූණ පිහිදාගෙන ගණන් පොත දිගෑරගත්තා..

" ඒ බෙට්ටට පින නෑ මං වගේ කෙල්ලෙක් ලබන්න.. නේද සනෙරුමල.."

ෂනෙරු ඇඟිලිවලින් නරුටො වගේ මොකක්ද ලබ්බක් කර කර ඉඳලා බයවෙලා වගේ ආශි දිහා බැලුවා.. සිහියෙන් නෙමේනෙ මේ පගා ඉන්නෙ..

" ඕ ඇත්ත.. අපි හිතුවෙ නැතිවුණාට එහෙම එකකුත් තියේ නේද.."

" තව්සෙ මම කියන ඒවා අහගෙන නෙමේ නේද ඉන්නෙ.."

" අහගෙන හිටියෙ හලෝ.. අපේ ඉස්කෝලෙ සදේශ් කව්ද කියලා මම කල්පනා කළේ.. හිටහන් හෙට ගිහින් මම ඕක හොයාගන්නවා.."

" ඔයාලා ඔව්වා කරන්න යන්න එපා ඒයි.. ඊටපස්සෙ ඌ හිතයි මම ඌට බන්නවන්න සුදුතාත්තිලා එව්වයි කියලා.. මට මේ දුක දරාගන්න ඉඩදෙන්න දෙයියනේ.."

" කොල්ලො ඕන නෑ බං.. තනිකඩව ඉඳහන්.. ඒක හෙන ආතල් වැඩේ.. මටනම් එක බල්ලෙක් ඕන නෑ.. අපේ ගෙදර බල්ලා හිටියහම හොඳටම ඇති.."

මහීශට කොල්ලො අරහං ඒ කාලෙ ඉඳලම.. ඒ එක්කම ක්ලාස් එකේ සර් ආවා..

ක්ලාස් ඉවරවෙලා අපි හතරදෙනා බස් එකක් එනකල් ඉස්සරහා හෝල්ට් එකට වෙලා ලොලිපොප් වගයක් කකා හිටියෙ.. අපි හැමදාම ක්ලාස් ඉවරවුණාම මොනාහරි කන්න ගන්නවා.. එක බස් එකේනෙ ගෙදර යන්නෙ.. ගෙවල්ළඟ හෝල්ට් වලින් බහිනවා.. මම බස් හෝල්ට් එකේ බැම්මට කකුලක් ගහගෙන පොත් බෑග් එකත් එක කරකට දාගෙන පාර දිහා බලාගෙන ඉද්දි අපිට ඉස්සරහා පාරෙන් කාර් එකක් ස්ලෝ කල්ලා නැවැත්තුවා.. අපිට වැඩක් නෑනෙ ඉතින්.. අපිව එක්කන් යන්න කවුරුත් කාර් වලින් එන්නෙ නෑ මහත්තයෝ.. 

ඒ එක්කම බස් එකක් ආපු නිසා මම ඒකෙ නැගලා ගෙදර එන්න ආවා..

More Chapters