" සුභ උදෑසනක්..!! ඔබ මේ සවන් දෙන්නේ අප පාසලේ විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් මෙහෙයවන "පිණිබිඳු" උදෑසන වැඩසටහන සමඟයි.. අද දවසේ ඔබ හමුවට පැමිණෙන මම සෙනුක වත්සල් දිසානායක.."
" මම උවිඳු තෙනුවර රත්නායක.."
" ඉතින් හැමදාමත් වගේ විද්‍යාලීය මාධ්‍ය ඒකකය සූදානම් අපේම සොහොයුරන්ගේ වටිනා අදහස් නිර්මාණ ඔබ හමුවේ ගෙන ඒමට.."
මම මීඩියා රූම් එකේ එක කනකට හෙඩ්සෙට් එක වැටෙන විදියට ඒක හදාගෙන ඉඳගෙන මයික් එකට කිට්ටු වුණා..
" ම්ම්.. ඊටකලින් උවිඳු, අපි සිංදුවක් අහලම පටන් ගමු නේද.."
" අනිවාරෙන්ම.."
මට එහාපැත්තෙ ඉඳපු අයියා "පැන මඩ කඩිති" සිංදුව ප්ලේ වෙන්න දාලා ෆයිල් එකක් දිග ඇරගත්තම මම මයික් එක ඕෆ් කලා.. අපේ ඉස්කෝලෙ මීඩියා රූම් එකේ අමුතු අමුතු දේවල් වෙන්නෙ හිටිය ගමන්.. දවසක් බුදුන් වැඳලා ඉවරවෙලා මම මයික් එක ඕෆ් කරන්න අමතක කල්ලා 'නිල්පෑන කෝ අනේ' කියලා බෙරිහන් දීලා ඒක මුළු ඉස්කෝලෙටම ඇහිලා මීඩියා එක බාර මැඩම්ගෙන් හොඳ බැනුමකුත් අහගත්තා.. සුළු වැරදීම් වෙනවනෙ ළමයින්ගෙ අතින්.. අනික ඕක උනේ හෙන පොඩි කාලෙ.. වසවිලිලැජ්ජයි..
පිණිබිඳු කියන්නෙ අපේ ඉස්කෝලෙ උදේ හත-හත හමාර වෙලාව ඇතුළේ කරන පොඩි ප්‍රෝග්‍රෑම් එකක්.. සතියෙ දවස් වලට දෙන්නා දෙන්නා බෙදලා ඉන්නවා.. මීඩියා ස'කල් එකේ හොඳම වොයිසස් ටික එක්කහු කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක ඇදගෙන යන්නෙ.. මම ඒ කාලෙ ඉඳලම මීඩියා එකේ ඉන්න නිසා මගේ වයසෙ ප්‍රසන්ට් කරන්න හිටියෙ මම විතරයි.. අනිත් ඔක්කොම ලොකු අයියලා..
පොඩි මෙම්බර්ස්ලා උදේම මීඩියා රූම් එකට ඇවිත් ප්‍රැක්ටිස් කරනවා.. සමහර වෙලාවට අපේ කතාවෙ පිටපත එයාලට ලියන්න දීලා ඒවා ප්‍රසිඩන්ට් එකතුකරගෙන හැම එකෙන්ම හොඳ කොටස ගාණෙ දාලා එදාට තියන කතාව හදාගන්නවා.. එතකොට පොඩි ළමයින්ට ලියන්න උනන්දුවක් ඇතිවෙනවා.. මමත් අම්මගෙන් අහගෙන විස්තර හොයාගෙන ඉස්සර ලිපි ලියාගෙන එනවා..
උදේ වැඩසටහනේ මගේ කොටස් ඉවරවෙද්දි හතයි විස්ස විතර වෙලා තිබුණා.. උදේ වරුවෙ මම අයුක අයියව හොයාගන්නනෙ හිටියෙ අර මාලෙ දෙන්න.. මූ මේක නැතුව ඇඬුවද දන්නෙත් නෑ.. ශික්කෙ අඬන බබා.. මූ හැමදාම පොඩිකාලෙ අඬනවා.. තාමත් එහෙමද කොහෙද.. එදත් අඬ අඬනෙ හිටියෙ..
මම කොලර් එකේ දාගෙන ඉඳපු මීඩියා එකේ මැග්නට් ටැග් එක ගලවලා සාක්කුවට ඔබාගෙන එකොළහෙ පන්ති තියන පැත්තට දුවගෙන ආවා.. අපේ පන්ති තියෙන්නෙ ඊට ඉස්සරහින්.. මම යද්දි රධ්‍ය අයියා පන්තියෙ කොරිඩෝව අතුගානවා බැන බැන.. පව් දෙයියනේ ඉස්සර ෂනෙරුවත් මේ අහිංසකයට කියලා පන්තිය අතුගාවගත්තා.. ෂනෙරුනම් මහ නපුරු කුඩම්මෙක්.. රධ්‍ය අයියා තමයි සින්ඩරෙල්ලා..
" රධ්‍ය අයියෙ ගුඩ්මෝනින්.."
රධ්‍ය අයියා මං දිහාත් රවලා බලලා ඊටපස්සෙ බැක් ටු නෝමල් වුණා.. මම සෙනුක..!! ඔයාගෙ ලව් එකේ අනිත්පැත්තෙන් ඉන්න ප්‍රධාන උදව්කාරයා.. මාව තරහ කරගත්තොත් අයියට හුළං තමා..
" ගුඩ්මෝනින් මෙහේ මොකෝ.."
" ආ අපිට එන්න හොඳ නෑ..??"
රධ්‍ය අයියා කොස්ස බැම්මට හේත්තු කල්ලා බිත්තියට හේත්තු වුණා.. එහාපැත්තෙ නෝටීස් බෝඩ් එකේ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට ගහපු ලොකු පෝස්ටර් එකකුයි ඒකෙ හැන්ග් කල්ලා හෑන්ඩ්බිල් වගේකුයි තිබ්බා.. මත් රකුසව දැක්ක පාර මට අයුක අයියව මතක් වුණා..
-දුම්වැටි භාවිතය ලිංගික අප්‍රාණිකත්වය ඇතිකරයි-
Smoking is the preventable cause of early disease and death in the United States. Giving up smoking is difficult for many people, but the number of former smokers is increasing all the time.
අන්න අන්න.. අප්‍රාණික වුණොත් හෙම මොන පාඩුවක්ද අයුක අයියට.. මේවා කියලා දෙන්නනෙ කවුරුත් නැත්තෙ..
" ආවට කමක් නෑ.. අයුක කතාකළාද.."
" මම අහන්න හිටියෙ.. මොනවද අයියෙ අර මම කතාකරන්න කිව්වයි කියලා තිබ්බෙ.. මොනා හිතුවද දන්නෑ.. මම එපැයි කතාකරන්න.."
" අඩේ එහෙමද තිබ්බෙ.. නිදිමතේ එහෙනම් මම අයුකට වැරදියට ටයිප් කල්ලා යවන්න ඇත්තෙ.."
බොරුකාර දොළපිදේනි තට්ටුව..
" බොරු කියන්නෙපා හලෝ.. කෝ දැන් ඔය මලෙන් උපන් හත්-කැහ්- මම කිව්වෙ අයුක අයියා කෝ අයියෙ.."
" ඇතුළෙ ඇති.. ගිහින් බලන්න.."
රධ්‍ය අයියා ආයෙම කොස්ස අරගෙන කොරිඩෝ එක අතුගාන්න ගත්තම මගේ ඇහැ ගියේ අර පොස්ටරේට.. මම ක්ශණීකව අර මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ හෑන්ඩ්බිලක් අරගෙන ඒකෙ අයුක අයියගෙ මාලෙ හොඳට ඔතලා ගුලියක් කල්ලා හදාගෙන උන්ගෙ පන්තිය ඇතුළට ගියා.. පිටිපස්සෙම පෝළිමේ අයුක අයියා පාඩුවෙ ඉඳගෙන මොනවද ලියනවා.. මම හිමින් සැරේ ඇවිදගෙන ඇවිදගෙන ගිහින් අයුක අයියගෙ මේසෙ ඉස්සරහින් හිටගත්තම මගේ හෙවනැල්ල පොතට වැටුණ නිසා අයුක අයියා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා..
මම මූණ පිරෙන්න හිනාවුණා.. උදේ පාන්දරනෙ ඉතින්.. අයුක අයියත් මගේ දිහා බලාගෙන ඉඳලා හිමින් මූණට දැනෙන නොදැනෙන්න ලාවට හිනාවුණා.. ආඩම්බර පාට හිනාවක් නෙමේ හරි ලෙන්ගතුපාට හිනාවක්.. එහෙම එපැයි ඉන්න..
" ගුඩ්මෝනින්.. මම මාලෙ දෙන්න ආවෙ.."
" ගුඩ්මෝනින්.."
මම සාක්කුවෙ දාගෙන ඉඳපු මාලෙ දෙන්නත් හදලා ආයෙම මේසෙට හේත්තුවක් දාගත්තා.. ඩයල් එක සිංහල විචාරයක් ලියලා තියෙන්නෙ පණ දමාගෙන..
" මම අහන්න හිටියෙ.. ඇයි ඔයා මාව මඟාරින්නෙ.. මගෙ අතින් හිතෙ රිදෙන මොනාහරි කියවුණාද.."
අයුක අයියා පුටු ඇන්දට හේත්තු වෙලා අත් දෙක බැඳගත්තා..
" කොයි දවසෙද මඟෑරියෙ.."
" ඇයි ට්‍රිප් එකේදි.."
" එහෙම නෑ.."
" නැත්තෙ කොහෙද මඟෑරියා.. මම මේක දෙන්න හැමතැනම හෙව්වා.. එතකොටත් ගෙදර ගිහිල්ලනෙ.. එහෙම දෙයක් වුනානම් මම හිතලා කළේ නෑ.. සොරි.."
"....."
" හා හා කමක් නෑ වැරැද්දක් වුණේ නැත්නම්.. එහෙමනෙ වෙන්න ඕන.. ඔන්න ඔයාගෙ මාලෙ රිටර්න් කළා.."
මම කොල ගුලිය අයුක අයියගෙ කළුපාට බෑග් එකට එබුවා.. අයුක අයියා මූණ දිහා බලාගෙන ඉන්නවා මිසක් කතාකරන්නෙ නෑනෙ..
" මම යන්නම්.."
මම එන්න හැරුණා.. අයුක අයියා පෑනෙන් මේසෙට තට්ටුවක් දැම්ම නිසා මම ආයෙම ඒ පැත්ත හැරුණා..
" තෑන්ක් යූ.. මම මේක හැමතැනම හෙව්වා.."
" දැන් හම්බුණානෙ.."
" ඔයා එදා කිව්ව නේද අහකට වෙලා ඉන්න කියලා.."
" කොයි..?? කවද්ද..??"
මම එහෙම කිව්වද අප්පා.. මට මතකයක් තිබ්බෙ නෑ එහෙම කිව්වෙ කොයි වගේ වෙලාවකද කියලා.. උඹෙත් කටට බ්රේක් නෑනෙ සෙනුක..
" නෙවර්මයින්ඩ්.. බෙල් කරන්න ළඟයි.."
" මෙතනින් ඉස්සරහනෙ පන්තිය තියෙන්නෙ.. මම මෙතනින් හතයි තිහට එළියට බැස්සත්, හතයි තිස් එක වෙද්දි එතන ඉන්නවා.. යවාගන්න උවමනාවට බෙල් කරනවා කිව්වා නේද.."
අයුක අයියට හිනාගියා.. හිනාවෙන්න හිනාවෙන්න.. එහෙම එපෑ ඉන්න.. කොච්චර ලස්සනද හිනාවුණාම.. සුදුමැළී මූණට ලේ ටිකක්වත් උනන්න..
" ඔව් ඔව්.. හරියටම කිව්වා.."
" ඒකනෙ.. මේ සැරේ ස්විමින් මීට් එකට එන්නෙ නැහැල්ලු නේද.."
මම අයුක අයියගෙන් ඇහුවහම අයුක අයියා මගේ මූණ දිහාම බලාගෙන හිටියා.. මේ මිනිහා බලන විදියට ලැජ්ජත් හිතෙනවා ඒ අස්සෙ.. මම සාක්කුවට අත් දෙක ඔබාගෙන ආයෙම අයුක අයියගෙ මේසෙට හේත්තු වෙලා අර ලිය ලිය හිටිය විචාරෙ බලන්න ගත්තා.. මේ යකාට සිංහල බැරිද.. යකෝ!! ගත්ත තැනම පිල්ලම් හැලිලා..
" එක්සෑම් නිසා එන්න වෙන එකක් නෑ.."
" මේ වචන වල පිල්ලම් අඩුනෙ.. සිංහල බැරිද.."
" කොහෙද.."
මම පැන්සලක් අරගෙන පිල්ලම් වැරදිච්ච පේලි දෙක තුනක් රවුම් කළා.. අපේ අම්මගෙ දූලා පුත්තුන්ගෙ වැරදි හදලමද කොහෙද මට වැරදිම පේන්නෙ..
" මීට වඩා ලස්සන වචන හොයාගන්නවකො.. හරි බෝරින් නෙ කියවද්දි.."
" සිංහල හරි කොම්ප්ලිකේටඩ් සබ්ජෙක්ට් එකක්.. මගේ වැරැද්දක් නෑ.. මම එච්චර වචන දන්නෙ නෑ.."
" පොත් කියවනවා.. පොත්!!"
මම පැන්සලෙන් අයුක අයියගෙ අතට ඇන්නා.. අයුක අයියා මගෙ අතින් අල්ලලා පැන්සල ඇදලා ගත්තා.. අයිස් කුට්ටියක් වගේ අයුක අයියගෙ අත සීතලයි..
" ම්ම්.."
" මම යනවා.. මෙ සැරේ සිරාවටම යන්නෙ.. නිකන් බලෙන් ඉන්න ඕන නෑනෙ අනුන්ගෙ පන්ති වල.."
මම අයුක අයියට දෙකක් රවලා පන්තියෙන් එළියට එද්දි කියාන් අයියා අමුතුවට කැස්සා.. කාසෙ කාසෙ.. මුන්ට කාසෙයි ගලපටලෙයි සේරම තියනවා.. මමත් අපරාදෙ මාලෙ දුන්නෙ.. සපත්තු දෙකක් ගන්නනෙ තිබ්බෙ.. එක අතකින් මාලෙ දුන්න කොලෙන් මම ඌට පණිවිඩයක් හරි දුන්නනෙ.. ඒක ගැන ඕන අපි හිතලා සතුටු වෙන්න..
උදේ පීරියඩ් හතරම අපිට එකදිගට වැඩ.. එක්කෙනෙක් යනකොට අනික් එක්කෙනා පොත් ටිකත් උස්සගෙන පන්තිය ඉස්සරහා.. වෙලාව යනවා තේරුණෙත් නෑ.. අන්තිමට ගණන් සර් ඉන්ටවල් එකෙනුත් පැය කාලක් අරගෙන අපිට ඉගැන්නුවා.. එයානම් හරි වදේ.. ආවහම බෙල් එක තිස් පාරක් ගැහුවත් තව මිනිත්තුවයි කියලා හෙන වෙලා උගන්නනවා.. ඔක්කොටම කලින් සර්ව තුන වසරට උස්සන් ගිහින් කාලය පාඩම උගන්නන්න හිතයි.. අර පිටිපස්සෙ වැට පැන්න තැන ප්රයිමරියනෙ..
සර් උගන්නලා අපිට හෙන හෝම්වර්ක් තොගේකුත් පටවලා විභාගෙ ලබන අවුරුද්දෙ කියලා තර්ජනය කල්ලා පන්තියෙන් එළීයට බැස්සා විතරයි ෂනෙරු පුටුව උඩ හිටගත්තා..
" කන ගමන් මෙව්වා අහන්න හරිද.. ක්ලාස් ටීච කියන්න කිව්වෙ.. මෝඩ මූසලයො ටික බුද්ධපූජාවට බඩු ගෙනෙන්..! ගියපාර යන්තම් කැන්ටිමට පිංසිද්ධ වෙන්න කෑම ටික හොයාගත්තෙ.."
මම පාඩුවෙ කෑමපෙට්ටිය ඇරගෙන කන්න ගත්තම ජොනතන් නෆ්රාස් එක්ක කන්න උගේ පන්තියට ගියා.. ජොනයි නෆ්‍රාසුයි කියන්නෙ බොක්කෙ ෆිට් දෙකක්.. මමයි මේ කෑගහන පගයයි වගේම තමා.. අපි පස් දෙනා මෙච්චරටම සෙට් වුණේ ගිය අවුරුද්දෙ ස්පොර්ට් මීට් එකෙන් පස්සෙ.. මොකද අපේ හවුසස් වල අපි ජූනියර් බෝඩ් වැටුණා.. අනික මුන් කරන්නෙ නැති ස්පෝර්ට් එකක් නෑ.. ඔව්වගෙ හැමතිස්සෙම හම්බෙන නිසා අපේ යාළුකම ඉබේම බිල්ඩ් අප් වුණා.. ඒත් කරුමෙට මේ සැරේ පන්ති බෙදනකොට නෆ්රාස් ඉන්ග්ලිශ් ලිට් කරන නිසා වෙන පන්තියකට වැටුණා.. ඒකයි ජොනා කොයිවෙලෙත් අල්ලපු පන්තියට දුවන්නෙ..
" මල් හැමෝම ගේන්නෝන.. හොස්ටල් ඉන්න අය ඕන නෑ.."
" හඳුන්කූරු පන්තියේ එකෙන් ගන්න බෑ ගේන්න ඕන.."
" කිරිබත් භාරගන්නෙ කව්ද.."
" තව දැහැත් ඕන.."
" මම ගිලන්පස ගේනවා.."
" සෙනුක බෙහෙත්බඩු ගේනවා..
උදේම හැමෝම බුදු මැදුරට ගිහින් අතුගාන්න ඕන.. එළීයෙ පහන් වැට සුද්ද කරන්න ඕන.. භාජන සෝදන්න ඕන.. එතන ඉන්න ප්‍රිෆෙක්ට් අයියව හම්බෙලා යතුර ඉල්ලගන්න.. මමයි සෙනුකයි හෙට එන්න ටිකක් පරක්කුවෙනවා.. අපිට කළාඋළෙල ප්‍රැක්ටිස් දාලා.. තේරුණාද..!!!!!!"
ෂනෙරුවා ගිරිය පලාගෙන බෙරිහන් දීලා පුටුවෙන් බැස්සම හැමෝම 'ඕඕඕ' ගාලා රිප්ලයි එකක් දුන්නා.. පොඩ්ඩක් ඉන්න කළාඋලෙළ..??? හම්මට හෙට ඉඳන් ප්‍රැක්ටිස් පටන්ගන්නවා.. අම්මට කිව්වෙත් නෑ..
ෂනෙරුවා ගිරිය පලාගෙන බෙරිහන් දීලා පුටුවෙන් බැස්සම හැමෝම 'ඕඕඕ' ගාලා රිප්ලයි එකක් දුන්නා.. පොඩ්ඩක් ඉන්න කළාඋලෙළ..??? හම්මට හෙට ඉඳන් ප්‍රැක්ටිස් පටන්ගන්නවා.. අම්මට කිව්වෙත් නෑ..
" නොගිහින් බෑනෙ.. උඹ අර ලබ්බකට නටන්න මගේ නම නැටුම් මිස්ට කිව්වනෙ.."
" හරි ඉතින් මගෙ සංකුට්ටට ආදරේටනෙ එහෙම කළේ.."
" දෙයියනේ දෙයියනේ..!! කුණුහර්ප නාහ ඔය කෑම පෙට්ටිය ගනින් රෙද්ද.. අපේ අම්මත් කේස් ඕයි හැමදාම ආෆ්ටර් ස්කූල් කියලා.."
" අපේ අම්මනම් ලොකුවට කේස් නෑ.. ඒ වුණා ක්ට බාහිර වැඩ අඩුකරමු බං ලබන අවුරුද්දෙ.. එක්සෑම් එකනෙ..
" මමත් හිතාගෙන ඉන්නෙ.. ගමේ යන්නත් ඕන හලෝ.. හුඟ කාලෙකින් ගියෙත් නෑ.. මොකෝ ස්විමින් මීට් එකේ වැඩේ.."
" තියයි.. බලමු හෙට හවස ප්‍රැක්ටිස් නෙ.. අරුන් දෙන්නටත් කියලා අපේ ගෙදර වරෙන්.. අම්මා කිව්වා පාඩම් වගයක් කියලා දෙන්න එන්න කියලා.."
ෂනෙරුවා හැන්දත් කටේ ගහන් මගේ දිහා බලලා හිනාවුණා.. අපේ අම්මා හෙන ලව් ෂනෙරුට..
" මම එනවා කියන්න ඒයි අම්මට.. දෙයියනේ මගේ මන්දාකිණි නැන්දේහ්..."
ඉන්ටවල් එකේ අපිට සෙල්ලම්කරන්න යන්න වුණෙත් නෑ ගණන් උගන්නන සර් ඒකෙන් බාගයක් ගත්තු නිසා.. නැත්නම් අපි ග්‍රවුන්ඩ් ගිහින් වොලිබෝල් ගහනවා.. අද බෑනෙ.. අපි කාලා අත හෝදන්න ගිහින් පන්තියට එද්දි කොමස් හාමුදුරුවො ඇවිල්ලා.. එයා එක්ක සෙල්ලම් කරන්න බෑ.. හෙන සැරයි.. සැර වුණාට හොඳා~යි.. අපි කොමස් වලට ක්ලාස් ගියේවත් නෑ හාමුදුරුවො උගන්නන නිසා.. හොඳටම උගන්නනවා.. රධ්‍ය අයියලගෙ ක්ලාස් එකට උගන්නන්නෙත් හාමුදුරුවොමයි.. රධ්‍ය අයියා උන්වහන්සේට හෙන ගොට්ටක් අල්ලන්නෙ.. දැන් අපේ එක්සෑම් ඉවරවුණාම මුලින්ම හාමුදුරුවො කතාකරන්නෙ රධ්‍ය අයියට.. රධ්‍ය අයියයි තව අයියලා දෙන්නෙකුයි තමා අපේ පේපර්ස් බලන්නෙ.. ඔය සීන් එක නිසා ෂනෙරුවට එක ළකුණක්වත් හොයාගන්න බෑ හමුදුරුවොන්ගෙන් පිනට ගන්න.. අරකා වැරදිච්ච තැන් තඩියට රතුපෑනෙන් රවුම් කල්ලා උත්තරේ ලියලා එවන්නෙ.. ඌ නිසා මගේ ළකුණූත් ඉබේම කැපෙනවා.. ඊටපස්සෙ පන්තිය ගාවට ඇවිත් කියනවා..
" සෙනුක මල්ලිගෙ ළකුණු හොඳයි.. මම මාක් කල්ලා ඇත්තෙ හරියට බලාගන්න.." කියලා..
ඒකා ෂනෙරුගෙ හරි මගේ හරි පේපරේ තමා උත්තර පත්‍රෙ විදියට තියාගන්නෙ.. මටත් හොඳ වැඩේ ෂනෙරුව එකොළහෙ සෙක්ශන් ෆස්ට්ගෙම කරේ ගහන්න ගියාට.. මෙයා එක්ක බෑ ඒයි..
හාමුදුරුවො පන්තියෙන් ගියාට පස්සෙ අයිය කෙනෙක් ඇවිත් කළා උළෙලට ප'ෆෝම් කරන්න ඉන්න අයට අපේ අක්කා එන්න කිව්වයි කියලා පණීවිඩයක් කියලා ගියා.. කොහොමත් හාමුදුරුවො ඉන්න වෙලාවට පණිවිඩ කියන්න මොකෙක්වත් එන්නෙ නෑ.. හාමුදුරුවො පන්තිය ඉස්සරහා බනින නිසා.. මමයි ෂනෙරුයි කළා උළෙලට තියන මීටින් එකට නවරඟහල පැත්තට යද්දි අර තුන් කට්ටුව බැම්මක් උඩට වෙලා හෙන ලොකු සාකච්චාවක්.. කියාන් අයියා කම්මුලටත් අතක් තියාගෙන සසර කළකිරිලා වගේ අහස දිහා බලාගෙන ඉද්දි රධ්‍ය අයියා බනිනවා බනිනව ඉවරයක් නෑ.. අයුක අයියා ලොලිපොප් එකක් කටේ ගහන් පොතක් කියවනවා..
" දැන් බලපන් ඒකිට අපිත් මූණ දෙන්නෙ කොහොමද කියලා.. ගොං හරකා අර ඉස්සරහ ගෙදර පිස්සු ගෑණියෙක් කර ගහගෙන.."
" යන්න ඒයි.. මට දුක හිතිලා ඉන්නෙ.. අඩෝ කෝල් එකක් අරගෙන බැන්නා බැනිල්ලක් හික් ගෑවුණා.. යන්තම් ලයින් වේගෙන ආපු එකනෙ.."
" ආයෙ නම් උඹේ එක එක හු#තවල් වලට අපි දෙන්නා එන්නෙ නෑ.. බලාගෙන හිටපන්.."
" ඒ කෙල්ල එදා ෂනෙරුලා එක්ක ක්ලාස් එක ගාව හිටියා බං.. යාළුවෙක්ද කොහෙද.. මුගේ මගුල් නිසා අපිටත් කෙළවෙනවා.."
මම පොඩ්ඩක් කතාවට කන දාගෙන ලඟින් ගියාම අන්තිමට කියපු එකට ආපහු අයුක අයියා දිහා බැලුවා.. අයුක අයියා කොයිවෙලේද අපි ක්ලාස් යනවා දැක්කෙ.. ඒ හරියෙ නෙමෙයිනෙ මුගෙ මන්දිරේ තියෙන්නෙ.. එක්කො පාරෙ යනගමන් දැක්කද.. ඔව්නෙ.. අපේ මොනවා උවමනාවෙන් ඇවිත් බලන්නද.. අන්න රධ්‍ය අයියා වගේ ආවනම් ෂනෙරු බලන්න හරි කියලා කියන්න තිබ්බා.. අපිට වැඩක් නෑනෙ අනුන්ගෙ ඒවා.. මම නවරඟහලට යද්දි කළා උලෙළට එහා වැටෙන් නර්ථන ශිල්පිනියො ගොඩබස්සලා.. අපිව දැකලා ගස්සලා අහක බලාගත්තා.. හරියට අපි උන්ගෙ ඉස්කෝලෙට ගිහින් නටනවා වගේ ලයින් දෙන්නෙ..
" සෙනුක.. පොඩ්ඩක් එන්න.. කෝ පුතා රධ්‍ය ආවෙ නැද්ද.. ෂනෙරු ගිහින් රධ්යවයි භාතියවයි ලසිත්වයි එක්කන් එන්න.. මේ ළමයින්ට කියන දෙයක් තේරෙන්නෙ නෑනෙ.."
අපේ ගයනිකා අක්කා සාරිපොටත් ඉණේ ගහගෙන එහෙටයි මෙහෙටයි දුවනවා..මම ශේප් එකේ ස්ටේජ් එක උඩට ගිහින් අක්කට කිට්ටු කළා.. පහළ පුටුවල ප'ෆෝම් කරන හැමෝම ඉඳගෙන හිටියා..
" කෑගැහුවොත් අම්මට කියනවා හරිත.."
" බයයි.. නටන්නැතුව ගිහින් මගේ හෑන්ඩ්බෑග් එක ගේනවකො සෙනුක.. කණ්ණාඩිදෙක නැතුව පේන්නෙත් නෑ.."
" කණ්ණාඩිපොළඟි.."
" මම තමුසෙගෙ මැඩම්.. හරියට කතාකරපන්..!!"
" දේහවර්ණ ලඟ භාවනාවක් වාගෙ ඔය රුව-"
ගයනිකා මැඩම් මගේ පිට කොනිත්තලා පැත්තෙ පුටුවක තිබ්බ හෑන්ඩ්බෑග් එකේ කණ්ණාඩිදෙක උස්සන් එන්න යැව්වා.. ෂනෙරුත් දුවගෙන දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුණා..
" හලෝ මේ අපේ යාළුවෙක් ඇවිල්ලා අනේ.. සෙනුක කුක්කුපැටියො.."
" කව්ද බං.. යාළුවෙක් කිව්වෙ.."
" අර අතන බලනෝකො.. අර ඉන්නෙ ඒයි.."
ෂනෙරුවා මට අත දික් කල්ලා කෙල්ලො ගොඩේ එක කෙල්ලෙක්ව පෙන්නුවහම ඒකි මට අත වැනුවා.. මම තව පොඩ්ඩක් ඇස් දෙක හීනි කල්ලා බැලුවා..
" අඩෝ ආශියා.."
" ඒකි මාත් එක්ක නටන්න ඉන්නවා~"
" මරුනෙ ඕයි.. හෙට ඉඳන් ආශිත් ඉන්නවද අපිත් එක්ක.."
" ඔව් ඒකිගෙන් සදේශ් කව්ද අහපන්කො.. මට ඕක ඇහුව වෙලේ ඉඳලා නින්ද යන්නෙත් නෑ ඕයි.. හොම්බට දෙකක් ඇනලා එන්නමයි හිතෙන්නෙ.."
" හිටහන් මේක මම දීලා එන්නම්.."
මමයි ෂනෙරුවයි ස්ටේජ් එක කොනේ ලව් කල්ලා ඇවිත් පහළ තිබ්බ පුටුවලින් ඉඳගත්තා.. ආශි හිටියෙ අපිට ඉස්සරහින්.. ෂනෙරුවා නැමිලා ආශි එක්ක කියවනවා.. අපි වටේ ඉන්න දෙතුන්දෙනෙක් අපි දිහා අමුතුවට බැලුවත් ෂනෙරුට එච්චර ගාණක් ගියේ නැද්ද කොහෙද.. මම එහාපැත්තෙ ඉඳපු කෙල්ලෙක් එක්ක මනුස්සකමට හිනාවුණාම ඒකි රතුවෙලා අහක බලාගත්තා..
මලවිකාර..
ගයනිකා මැඩම්, අපේ අක්කයි තව එහා ඉස්කෝලෙ මිස්ලා දෙන්නෙකුයි අපේ ඊස්තටික් සොසයිටියෙ මෙම්බර්ස්ලයි කළා උලෙළ තියෙන්නෙ කොහොමද එකෙ විස්තර මොනවද අයිටම් මොනවද කියලාපැය බාගයක් විතර පැහැදිලි කළා.. රධ්‍ය අයියා ආපු වෙලේ ඉඳන් ෆයිල් එකකින් මූණ වගහෙන සයිඩ් ගහලා ඉන්නවා.. ඌට මොකක් වෙඅලාද.. උදේ හොඳට හිටියනෙ..??
හුඟ වෙලාවකට පස්සෙ මැඩම්ලා අපිට යන්න කියලා මීට්න් එක ඉවරකළා.. ෂනෙරු ගියා වතුර බීලා එන්න.. මම ආශි එක්ක පැත්තකට වෙලා ඒකිගෙන් සදේශ් කව්ද කියලා අහගන්න බැලුවා..
" මෙන්න මෙච්චරක් විතර උසයි.. ලස්සන අයිය කෙනෙක්.."
" ඕකෙන් පුළුවන්ද යකෝ මනුස්සයෙක් හොයාගන්න.."
" ඉතින් මම දන්නෙ එච්චරනෙ.. තව.. තව ස්පෝර්ට්ස් බෑග් එකක් කරේ එල්ලන් හිටියෙ එදා.."
" තව.."
" ඉන්න අනේ කල්පනා කරන්න.."
ආශි සකපෝරුව වගේ වටේ කැරකි කැරකි ඒ වගේ ශේප් කට් තියන එකෙක් හොයාගන්න ට්‍රයි කල්ලා එකසැරේ නැවතුනා.. නැවතිලා ඉස්සරහට නැමිලා මට අත දික් කල්ලා ඌව පෙන්නලා තරහෙන් පුපුරන්න ගත්තා..
" අන්න අන්න.. ඒකා තමා අර ඉන්නෙ.."
මම ඉස්සරහා බැලුවම එතන හිටියෙ..
" මෙයාද..!!?? මේ අයුක අයියනෙ බං.."
" මූ තමා එදා අර කැත බස්සා එක්ක හිටියෙ.. ඕයි තව්සෙ.. ඔහොම හිටපන්.. මම අල්ලගන්න හිටියෙ.."
ආශි අර පාඩුවෙ ලොලිපොප් එකකුත් කටේ ගහන් ඉඳපු අයුක අයියගෙ පාරෙ පස්සෙ පන්නන්න ගත්තම අයුක අයියා බයවෙලා නවරඟහලෙන් එළීයට දිව්වා..මම ආශිගෙ පස්සෙන් එළෙව්වම ඒක දැකලා රධ්‍ය අයියා මගේ පස්සෙන් පන්නන්න ගත්තා.. මේ මොන මගුලක්ද යකෝ මේ වුණේ.. අයුක අයියද සදේශ් කියන්නෙ.. නෑනෙ..?? රධ්‍ය අයියද.. මුන් තුන්දෙනා එකටනෙ ඉන්නෙ.. එතකොට කියාන් අයියා තමයි..!!
" සෙනුක මල්ලි.. හිටපන්.."
" ආශි වරෙන් බං.. ඕයි මේ ඉස්කෝලෙ.."
" තව්සෙ හිටපන් ගල් ගෙම්බා.. උඹව අද මම මරනවා!!!!!!!"
" ඒ නංගි මම නෙමේ.. ඒ කියාන්.. ඒයි රධ්‍ය.. වරෙන්කො.."
ආශි දුවගෙන දුවගෙන යන ගමන් සපත්තුවක් පන්නලා ඒක අයුක අයියා දිහාට විසික් කලා.. අයුක අයියා අර ක්‍රිකට් ගහද්දි කැච් කරනවා වගේ සපත්තුව අල්ලගෙන එහෙමම නැවතුනා.. මම ගිහින් ආශිගෙ ඇඟේ වැදුණා..
" නංගි ඔයාට වැරදී-ආව්-ආව්-මම නෙමෙයි ඒ.." .
" මෙහෙ වරෙන් බං.. යකෝ මේක බෝයි ස්කූල් එකක්.."
" මට ඒවගෙන් වැඩක් නෑ..!! කොහෙද අර තව්සෙගෙ යාළුවා.. කියනවා..!!! ඔය මිනිහා නිසා මට ඉස්කෝලෙ ඉන්නත් නැති වෙලා තියෙන්නෙ.."
ආශි අයුක අයියගෙ කොලර් එකෙන් ඇදලා අරගෙන පිටිපස්සට තල්ලු කල්ලා ඇස් දෙකේ කඳුළු පුරවන් මහා හයියෙන් අඬන්න ගත්තා.. මම ඒකිගෙ පිටට තට්ටු කළා සැනසෙන්න.. මේ සැරේ නම් මේකි රඟපානවා නෙමේ.. සිරාවටමද කොහෙද අඬන්නෙ.. රධ්‍ය අයියා සාමවිනිසුරු වගේ මැද්දෙන් හිටගත්තා.. මේක ෂනෙරු දැනගත්තොත් රධ්‍ය අයියට මේ ආත්මෙදිනම් ඌව ලයින් කරගන්න හම්බෙන්නෙ නෑ.. ඌ පන්න පන්න මුන් තුන්දෙනාගෙන පලි ගනී.. මල හු#ත්තක් වෙන්න යන්නෙ..
" නංගි ඔයාට කියාන්ව හම්බෙන්න ඕනද.."
" කව්ද කියාන්..?? ඌටද සදේශ් කියන්නෙ.. ආ..!!!!!"
රධ්‍ය අයියා අරකිගෙ කටේ සද්දෙට ගැස්සිලා ගියා.. මේ හරියෙ මොකක්වත් පේන්න හිටියෙ නැති නිසා හොඳයි..
" ඔ-ඔව් ඔව්.."
" ලැජ්ජ නැද්ද අයියලාට ඒ වගේ එකෙක්ට උදව් කරන්නෙ.. එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්කෝලෙ හැමතැනම මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව අල්ලගත්තා කියලා කැත කතා කිය කිය යනවා.. මගේ යාළුවොත් මාත් එක්ක දැන් කතාකරන්නෙ නෑ.. මම ඉස්කෝලෙ එහෙම හිටපු කෙනෙක් නෙමේ.. මට ලැජ්ජයි දැන් ඉස්කෝලෙ යන්නත්.."
මම හිතුවට වඩා ඒක සීරියස් ගිහිල්ලද කොහෙද.. යකෝ!! කියාන් අයියව තියන්න වටින්නෙ නෑනෙ..
" නංගි දැන් එහෙම එෆෙයා එකක් නෑ ඒ දෙන්නගෙ.. අරියා නම් පස්සෙන් එන කතාවක් කිව්වා.. ඔය තරම් දෙයක් අපි දැනගෙන හිටියෙ නෑ.."
" මට පාඩුවෙ ඉන්න දෙන්න කියන්න අනේ.. මම කිසි වැරැද්දක් කල්ලත් නෑ.. මගේ යාළුවොත් මට නෑ.. ඒ අක්කලා හැමතැනම මට හින්ට් පාස් කරනවා.. මට ලැජ්ජයි එතකොට.. මම ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට් කවුන්සිල් ඇප්ලයි කරන්න හිටියෙත්.."
රධ්‍ය අයියා හිටියෙ කේන්තියෙන් වගේ.. අයුක අයියා පාඩුවෙ ආශි කියන ඒවා අහගෙන හිටියා..
" මම අරියට කියන්නම්.. ආයෙ ඔයාට කරදර කරන එකක් නෑ.. හොඳද.."
" ම්ම්.."
ආශි කඳුළු පිහාගෙන කොන්ඩෙත් ගස්සගෙන අයුක අයියගෙ අතේ තිබ්බ සපත්තුවත් දාගෙන එතනින් දුවලා යන්න ගියා.. අයුක අයියා බිම තිබ්බ ගල් කැටේකට පයින් ගහපු පාර ඒක ගිහින් ටෝල් ගාලා තාප්පෙ වැදුණා..
" මම කිව්වා ඔය ප#යට අරියා හරියන්නෙ නෑ කියලා.."
" මම කියන්නම් එයාට.."
" කිව්වම කොරයි.. ඌව හදන්න බෑ බං.. මගුල මට කේන්ති යනවා.."
" මේ මම යනවා හලෝ.. අනේ මන්දා තව්සෙලගෙ යාළුවො නම්.."
මමත් එතනින් එන්න ආවා..